විශ්‍රාම ගැනීම ඉක්මනින්ම කියනවා – නව ඉනිමත් අරඹනවා

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිය විශ්‍රාම ගැනීම ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි. ඉන්දියාවේ PTI පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තමන්ට ලබාදුන් නව තනතුර සමග සිය නව ක්‍රීඩා දිවිය ආරම්භ කරන බවත් මාලිංග පැවැසීය.

“මානසිකව මම ක්‍රිකට් ක්‍රීඩා කර අවසන්. මම හිතන්නේ නෑ මම තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරාවි කියලා. මම මගේ විශ්‍රාම ගැනීම ඉක්මනින්ම ප්‍රකාශ කරන්න සැලසුම් කරනවා.

මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සාකච්ඡා කළේ නෑ. නමුත් මම නැවතත් දේශීය ක්‍රිකට් පිටියට ගොස් මගේ ශරීරය කෙසේ ප්‍රතිචාර දක්වයිදැයි බලනවා. දැනටමත් මගේ අයි.පී.එල්. ක්‍රීඩා දිවිය අවසන්. මම නව පරිච්ඡේදයක් මුම්බායි ඉන්දියන්ස් සමග ආරම්භ කරනවා. මම ආයේ ක්‍රීඩා නොකරාවි.

මට දැන් අවුරුදු 34ක්.  මම හිතනවා මේ මගේ වෘත්තියේ වෙනසක් වෙනුවෙන් මේ හොඳ වේලාව බව. මුම්බායි ඉන්දියස් කණ්ඩායම සමග මගේ නව ඉනිම ආරම්භ කිරීමට ලැබීම සතුටුයි.