දිවා ආහාරයෙන් පසු අසරණ වූ බංග්ලාදේශය පරාජයට

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලකුණු 123කට කඩුළු සියල්ල දැවී අන්ත පරාජයකට ලක්විය. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 215ක ජයක් ලැබීය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 222කට සියල්ලන් ගිය අතර, පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 110ක් පමණක් වාර්තා කළේය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226ට සීමා විය. ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබිණි. පන්දු යැවීමෙන් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සිය මංගල ටෙස්ට් තරය ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩක අකිල ධනංජය සමත්වූයේ දෙවැනි ඉනිමේ ලකුණු 24කට කඩුළු 5ක් දවා ගනිමිනි.