නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදෙස්ගතවිමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

ලබන 24 වනදා සිට මැයි මස 18 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ගේ සැසිවාරයට සහ නේපාලයේ පැවැත්වෙන තරුණ සම්මේලන දෙකකට සහභාගීවිම සඳහා විදෙස්ගතවිමට අවසර ලබා දෙන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීම සලකා බලමින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අදාල නියෝගය ලබාදුන් බව වාර්තාවේ

එමෙන්ම විදෙස්ගතවිමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර තිබේ.

පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් විසින් ලබාදුන් රුපියල් මිලියන 70කට අධික මුදලක් අවභාවිත කිරිම ඇතුළු චෝදනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීරයාට එල්ල වී තිබේ.