දඹුල්ලේ එලවළු මිල පහළට

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනය හා පුත්තලම ගොවි කලාපවලින් එළවලු තොග විශාල ලෙස ලැබීමත් සමග එළවලු වර්ග රැසක මිල ගණන් පහත වැටි ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා ප්‍රකශ කරයි.

යාපනය ගොවි කලාපයෙන් පමණක් දිනකට ලොරි රථ 30 ත් 40 අතර සංඛ්‍යාවක බිට්, අර්තාපල්, මාළු මිරිස්, අමු මිරිස්,කැරට් ආදී එළවලු වර්ග කිලෝ ග්‍රෑම් ලක්ෂ 5-6 ක් ළගා වෙන බව ඔහු කීය.

මෙම ගොවි කලාපයන්හි එළවලු වගාවට යෝග්‍ය දේශගුණික තත්වයක් පැවතීම හේතුවෙන් බොහෝ ගොවින් එළවලු වගාවට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බවත්, මේ හේතුවෙන් ජනවාරි මස අග සතියේ සිට එළවලු මිල ගණන් පහත වැටී ඇති බව ද ඒ මහතා කීය.

එළවලු කිලෝවක 19 වෙනි දින පැවැති තොග මිල රුපියල් වලින් පහත දැක්වේ.

බිට් 10-20, කැරට් 30-40, තක්කාලි 20-30, අමු මිරිස් 20-40, මාළු මිරිස් 50-70, නෝකෝල් 20-30, වට්ටක්කා 30-40, ගෝවා 5-15, වම්බටු 30-40, වැටකොළු 30-40, පතෝල 30-40, රාබු 10-20, මෑ කරල් 30-40 විය.

බෝංචි සහ ලීක්ස් කිලෝවක් තොග මිල රුපියල් 80-120 ත් අතරවිය.

යාපනය අර්තාපල් කිලෝවක් තොග මිල රුපියල් 30-40 ත් අතර විය.