ගෙවුන පැය 24 ඇතුලත අනතුරු 18 ක් – 4 ක් මරුට

ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුණෑගල, තෙලියගොන්න ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල 54 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු දෙක හමාරක දැරියක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

තඹුත්තේගම, බැදිවැව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණය මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් කල සිව් දෙනෙකු සහ ලොරි රථයේ ගමන් කල පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමේදී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තිබේ.