හොරට මාළු අල්ලපු 05ක් දැලේ

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු ත්‍රිකුණාමලය, උප්පුරාල් ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කර ඇත.

එහිදී ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක්, වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහිත කූරු 49 ක්, ඔක්සිජන් සිලින්ඩර් 05ක්, කිමිදීම සඳහා යොදාගන්නා පා වරල් යුගල් 02 ක් ඇතුළු උපකරණ රැසක් නාවික හමුදා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වෙත භාර දුන් බව නාවික හමුදාව සඳහන් කර තිබේ.