ජාත්‍යන්තර පිටියට සමුදෙන්නට මෝනි මෝකල් තීරණය කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නකු වන මෝනි මෝකල් ඔස්ට්‍රේලීයාව සමග සිය රටේදීෙ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

33 වැනි වියේ පසුවන මෝනි මෝකල් ගතවූ 2017 වසරේදී කඩුළු 39ක් දවගෛන ඇත. එය 2010 වසරේ සිට ඔහු වසරකදී දැක්වූ විශිෂ්ඨතම පන්දු යැවීම වේ. 

මාර්තු මස පළමුදා ඇරඹෙන ඔස්ට්‍රේලියා තරගාවලියෙන් සමුදෙන ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුළු දවාගත් ලැයිස්තුවේ සිවු වැනි තැන සිටියි. 

මෙම තීරණය සම්බන්ධයෙන් ඔහු පවසන්නේ සිය පවුලට මුල් තැන දෙන බවයි.