සිරියාවේ යුද ගැටුම් වලදී තුර්කි හමුදා සෙබළුන් 8 දෙනෙකු ජීවිතක්ෂයට

සිරියාවේ යුද ගැටුම් වලදී තුර්කි හමුදා සෙබළුන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.සිරියාවේ උතුරු දිග අෆ්‍රින් ප්‍රදේශයේයි ගැටුම් හට ගත්තේ.

කුර්දි සටන්කාමීන් සමග ඇතිවූ මෙම ගැටුම් වලින් තවත් තුර්කි හමුදා සාමාජිකයින් 13 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මේ අතර සිරියාවේ ඝූටා නගරයේ තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානමින් සිටිනවා. සිරියානු හමුදා පසුගිය මස 18 වනදා සිට ඩැමැස්කස් නගරය අසල පිහිටි ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. පවතින ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.