යුරෝපයේ අධික සීතල නිසා මියගිය ගණන ඉහලට

යුරෝපයට බලපා ඇති අධික ශීත කාළගුණ තත්වය සහ හිම පතනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට හැට දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අය අතරින් 23 දෙනෙකුම පෝලන්ත ජාතිකයින් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. අධික හිමපතනය හේතුවෙන් අයර්ලන්තයේ ගුවන් ගමන් ඇතුළු ගමනාගමන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රදේශ රැසකට විදුලිබලය ද ඇණහිට ඇති අතර ජන ජීවිත මුළුමනින්ම අඩාලවී ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපීය රටවල් කිහිපයකටම ශීත කාළගුණය සහ හිමපතනයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.