ඉන්දියාව බංග්ලාදේශය පරදා කඩුළු 6කින් ජයගනියි

නිදහස් කුසලානයේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුළු 6කින් පහසු ජයක් ලබන්නට ඉන්දියාවට හැකි විය. 

බංග්ලාදේශය සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 139ක් පමණි. එයට ලිටන් දාස් ලකුණු 34කින් සහ සබීර් රහ්මාන් ලකුණු 30කින් දායක විය. පන්දුයැවීමේදී ජයදේව් යුනාද්කට් ලකුණු 38කට කඩුළු 3ක් බිඳ දැමීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල පන්දුවාර18.4ක් අවසානයේ කඩුළු 6ක් දැවී ඉලක්කය හඹා ගියේය. ඉන්දීය පිලෙන් පළමු තරගයේදී මෙන්ම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙන්නට ශිකර් ධවාන්ට හැකිවිය. ඔහු ලකුණු 55ක් ලබාගත්තේය. මනීෂ් පාණ්ඩේ වේගවත් පිතිහරඹයක නියැලෙමින් ලකුණු 27ක් ලබාගෙන තරගය නිමාව තෙක් රැගෙන ගියේය.