කාලයකට පස්සේ කරලියට එන අසංක ප්‍රියමන්තගේ ‘පෙම් සිතුවම්’

අද එළිදැක්වන ගීත ගුණාත්මක බවක් ඇති ගීතද යන්න අද බොහෝ දෙනාට ගැටලුවක් වී තිබේ. නවක ගායක ගායිකාවන් මගින් අද වනවිට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දායාද කර ඇති ගීත පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ පැහැදීමක් නොව කලකිරීමක් බව ඇතැම්හු පවසති. ගීතයක් සඳහා නිර්මාණ කරනු ලබන මියුසික් වීඩියෝ පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනා කතා කරනු ලැබුවත්, මේ වනවිට ඒ පිළිබඳව කිසිඳු කතිකාවතක් ගොඩනැගී නොමැත. රැල්ලට නිර්මාණ වූ ගීත අතරින් නිර්මාණය වන ඇතැම් ගීත රසිකයන් අතරට පත්වන්නේ නොසිතන ආකාරයෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ විට මඩ ප්‍රහාරවලට මුහුණදුන් ප්‍රවීණ ගායකයෙකුගේ නවතම ගීතයක් මේ වනවිට යූටියුබ් ජාලයට එක් වී තිබේ.

අසංක ප්‍රියමන්ත යනු සමාජ වෙබ්අඩවි ඔස්සේ නිරන්තරයෙන්ම මඩ ප්‍රහාරවලට ලක්වෙන අයෙකි. ඔහු අප රටේ බොහෝ දෙනෙකු ආදරය කරන ගායකයෙකු වුවත්, තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකු ඔහුගේ ඇතැම් වචන සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාරවලට ලක්කරයි. කෙසේ වුවත් ඔහු විසින් එළිදැක් වූ නවතම ගීතය වන ‘පෙම් සිතුවම්’ ගීතය මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. වර්තමානයේ බිහි වූ නිර්මාණ අතරින් මෙය වෙනස් ආරේ ගීතයක් බව කිව යුතුය. නැරඹිය හැකි මියුසික් වීඩියෝවක් සමගින් රසිකයන්ට ලබා දී ඇති මෙම නිර්මාණය බොහෝ දෙනෙකු විසින් ලබාදී ඇත්තේ ධනාත්මක ප්‍රතිචාරය.

වර්තමානයේ නිෂ්පාදනය වන ගීත රූප රාමුවලට වෙනස්ම වූ රූප රාමු පෙළක් ඔස්සේ ගලා යන මෙම ගීතය වර්තමාන ගීත රැල්ලට යම්කිසි අභියෝගයක් බව කිව යුතුයි.

 

එළිදැක් වූ දිනය – 2018 පෙබරවාරි 28

ගායනය – අසංක ප්‍රියමන්ත

පද රචනය – කැලුම් වැලිගම

සංගීතය – අසංක ප්‍රියමන්ත