වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය නයනතාරා

පසුගියදා නිමාවුණු ස්ලීම් නීල්සන් ජනතා සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමිකර ගැනීමට යොවුන් නිළි නයනතාරා වික්‍රමාරච්චි සමත් වුණා. ඇයට මෙලෙස ජනප්‍රියම නිළිය සම්මානය හිමි වන්නේ තෙවෙනි වතාවටයි. මීට පෙර රයිගම් සම්මාන උළෙලේදී හා සුමති සම්මාන උළෙලේදී ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිළියක් ලෙස නයනතාරා වික්‍රමරාච්චිව හඳුන්වන්න පුළුවන්. මේ වනවිට ඇය චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා.