රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තාවේ.

පසුගිය දා නාරාහේන්පිට පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර නාවල ප‍්‍රදේශයේ දී ඔහු ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් පසු රමිත් රඹුක්වැල්ල මහතා බීමතින් යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනාට පහර දීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.