යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හෙට විශ්‍රාම ලබයි

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර හෙට (14) දිනයේ විශ‍්‍රාමයාමට නියමිතව තිබෙනවා. පුරප්පාඩු වන එම ධුරය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජනරාල් දම්පත් ප‍්‍රනාන්දු පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ස්වෙච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජනරාල් පියල් වික‍්‍රමරත්න නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී ලෙස පත්වනු ඇති බව යුද හමුදා ආරංචි මාර්ග කියා සිටියා. දැනට කිලිනොච්චිය ආඥාපති ලෙස කටයුතු කරන මේජර් ජනරාල් අජිත් කාරියකරවන ස්වෙච්ඡා බල සේනා සේනා විධායක නිලයට පත් කිරීමට නියමිතයි.

මේ අතර හෙට දිනයේ විශ‍්‍රාම යන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනා විධායක ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, වසර දෙකක කාලයක් සඳහායි.