මිනින්දෝරුවන් අද සිට සංඛේත වැඩවර්ජනයක

සංඛේත වැඩවර්ජනයක් ‍ආරම්භ කරන බව රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.

එහි සභාපති ඩබ්ලිව්.එම්.බී උඩුගොඩ මහතා පැවසුවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විදේශයකට පැවරීමෙන් අති විශාල මූල්‍ය වංචාවක් සිදුවීමේ අවධානමක් පවතින බවය.

ඊට විරෝධය පළකිරීම සඳහා අද (14) සිට දින තුනක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.

මේ මස 16 වනදා කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට නියමිත බව ඩබ්ලිව්.එම්.බී උඩුගොඩ මහතා පැවසීය.