ගිලන් රථයේ යතුරු පැදිය ගැටී පුද්ගලයෙකු මරුට

මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේදී රෝගීයෙකු රැගෙන ගිය ගිලන් රථයක ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ මුලතිව් මාන්චෝලෙයි රෝහලේ සිටි රෝගියෙකු වැලිඔය රෝහල දක්වා රැගෙන ගිය ගිලන් රථයක මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටී යතුරපැදියේ ගමන්ගත් පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කන්දයියා පුවනේන්දිරන් නමැති පුද්ගලයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අඳුරත් සමඟ අධික වේගයෙන් ධාවනය වු ගිලන් රථ‍යේ අදාළ පුද්ගලයා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.