නීතිපති හා අල්ලස් කොමසාරිස් සමාන වෙන හැටි දිනේෂ් කියයි

රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ අධිකරණ සංවිධාන සංශෝධන පනත තුළින් නීතිපතිවරයාට හා සමාන. බලයක් අල්ලස් කොමසාරිස්වරයාට ලැබෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

මෙම නව පනත මඟින් රාජ්‍ය සේවකයින් සිදු කරන සුළු වැරද්දකට හෝ අතපසුවීමකට මෙම පනත මඟින් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

මේ නව පනත තුළින් අධිකරණ පද්ධතියේ විශාල වෙනස්කමකට ලක් වන බවත් මේ තුළින් රාජ්‍ය සේවය බරලතළ තර්ජනයකට ලක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය අවහිර කිරීම තුළින් ජනතාව අතර වැරදි මත ප්‍රචාරය වෙමින් තිබෙන බවත් මේ තුළින් රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ලවී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.