ශ්‍රීදේවිගේ දියණිය සිනමාවට

බොලිවුඩ් සිනමාවේ ආදරණීය තරුව වන ශ්‍රී දේවිගේ වියෝව පිළිබඳව ඇති උණුසුම තවමත් අඩු වී නොමැති බවයි ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරන්නේ. විවිධ හේතු කාරණා ඉදිරිපත් වෙමින් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව ගැටලු රැසක් මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ශ්‍රී දේවිගේ ස්වාමිපුරුෂයා වන බොනී කපූර්ද පිළිබඳව සැක පහළ කෙරුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කෙසේ වෙතත් බොනී කපූර් විසින් ශ්‍රී දේවිට කොතරම් ආදරේ කළාදැයි හැඟෙන සංවේදී ලිපියක්‌ ලියා ඇගේ අලු සමග රාමේෂ්වරම් මුහුදේ ඔහු විසින්ම පාකර යවා තිබුණා. මීට අමතරව ශ්‍රී දේවිගේ ප්‍රථම කසාද ස්වාමියා වූ සිනමා නළු මි‘ථුන් චක්‍රබෝර්ති මැයගේ මරණයට සැක කරන බවත් වාර්තා වුණා. 

මේ කාරණාවන්ට අමතරව තවත් පුවතක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ  ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වන ජාන්වීගේ පෙම්වතා සම්බන්ධයෙන් වූ පුවතයි. ඇය සිය සහෝදරයෙකු සමග ඇති කරගත් පෙම් සබඳතාව හේතුවෙන් ශ්‍රී දේවි දැඩි මානසික පීඩාවට පත් වූ බවත්, ඉන් මිදීම සඳහා ඇය මත්පැන් පානයට හුරු වූ බවත් සඳහන් වෙනවා. ශ්‍රී දේවි සහ මිථුන් චක්‍රබෝර්ති අතර 1980 දශකයේ ඇති වූ විවාහයෙන් ඔවුන්ට දාව පිරිමි දරුවෙක් සිටින බවද සඳහන් වෙයි. මොවුන් දෙදෙනාගේ විවාහය දෙදරා යෑමත් සමග ඔවුන්ට උපන් පිරිමි දරුවා මිථුන් සමග රඳවා ගත් බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මිථුන් – ශ්‍රී දේවි යුවළගේ පිරිමි දරුවා මේ වන විට මුම්බායිහි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන බවත් පැවසෙනවා. පාසල් අවදියේ සිට ජාන්වී හා මිථුන්ගේ පුත්‍රයා වූ මහක්ෂායි චක්‍රබෝර්ති අතර හිතවත්කමක් ඇති වී තිබෙන අතර, පසුව එම හිතවත්කම පෙම් සබඳතාවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. මේ කාරණාව පිළිබඳව දැනගැනීමත් සමග ශ්‍රී දේවි සිය දියණිය වන ජාන්වී හට අවවාද කර තිබෙනවා. එහිදී ශ්‍රී දේවි, ජාන්වී සහ මහක්ෂායි චක්‍රබෝර්ති අතර ඇති නෑකම පහදා දී තිබෙනවා. එම නෑකමට අනුව ජාන්වී කපූර් හා මහක්ෂායි චක්‍රබෝර්ති සහෝදරයන් ‍ෙවනවා. එය දැගැනීමෙන් පසුවද මොවුන් දෙදෙනා දිගින් දිගටම සිය සබඳතාව පවත්වාගෙන යෑම පිළිබඳව ශ්‍රී දේවි දැඩි සිත් වේදනාවෙන් පසු වූ බව සඳහන් වෙයි.

_1513679321

එමෙන්ම ඩුබායිහි පැවති මංගල උත්සවයට පැමිණි බොනී කපූර් සිය බිරිඳව තනිකර පැය 3 ½ කදී මුම්බායි බලා පියාසර කර ආපසු ඩුබායි පැමිණියේ කුමකටදැයි ශ්‍රී දේවිගේ ප්‍රථම ස්වාමිපුරුෂයා වූ මිථුන් චක්‍රබෝර්ති සැක මතු කර තිබෙනවා. කෙසේවෙතත් ජාන්වී කපූර් මහක්ෂායි සමග ඇති කරගත් පෙම් සබඳතාව හේතුවෙන් සිත් තැවුලට පත් වූ ශ්‍රී දේවි අධික ලෙස මත්පැන් පානය කර දියේ ගිලී සිය දිවි හානි කරගෙන ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් සැක මතුව තිබෙනවා. ශ්‍රී දේවිගේ මරණයත් සමග ජාන්වි පිළිබඳව බොහෝ මාධ්‍ය අවධානයෙන් පසුවන බවයි සඳහන් වන්නේ. 

මේ කාරණාවන්ට අමතරව ජාන්වී පිළිබඳව විශේෂ පුවතක් වාර්තා වෙනවා. ඒ ඇය මෙම වසරේ එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් ඔස්සේ රංගනයට පිවිසීමයි. 'Dhadak' නම් මෙම චිත්‍රපටය මෙම වසරේ ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතයි. මේ වන විට 21 වැනි වියේ පසුවන ජාන්වී රංගනයට පිවිසෙනු ලබන කාරණාව ඇතැමුන්ට සුබදායී පුවතක් වුවත් යම් පාර්ශ්වයක් ඇයගේ සිනමා ආගමනය පිළිබඳව ඇත්තේ නොසතුටක්. ජාන්වී රංගනය පිළිබඳව ලොස් ඇන්ජලීස් හි පිහිටි Lee Strasberg Theatre and Film Institute තුළින් උපාධියක්ද හදරා තිබෙනවා. මේ කාරණා කෙසේ වුවත්, තමන්ගේ මවගේ ගෞරවය සහ ඇය වෙනුවෙන් සිනමාවේ ඉදිරියට යෑමට තීරණය කර තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ.

2 220px-Dhadak_2018_film sridevi_647_070417114156 sridevi-jhanvi_640x480_61497939854