ජිනිවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම ඉල්ලන් කෑමක්

ජිනීවා යෝජනාවන්ට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වීම හරහා එහි අවාසිසහගත තත්ත්වයන් දැන් අත්විදීමට. සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් දිවුරුම්දීමේ උත්සවයකට එක්වෙමින්ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජය ලැබූ මාතර, ගාල්ල, බදුල්ල.මොණරාගල ඇතුලු දිස්ත්‍රික් කිහිපයක සභිකයින් දිවුරුම් දීම ඊයේ (21) සිදු කෙරුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.

ජිනිවාවලදි අපට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනා සියල්ල අපි විසින්ම ස්ථීර කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

මේ අතර අද වන විට සියලු දෙනා පළාත් සභාවල සභාපතිධූරය ඉල්ලා සිටින නමුත් කිසිවෙකුට තමා එය ලබා නොදෙන බව ද රාජපක්ෂ මහතා පැවසීය.

කණ්ඩායමක් වශයෙන් පක්ෂය ගන්නා තීරණ කිසි විටෙකත් ඉන් පිටත විවේචනය නොකළ යුතු බව ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.