බහින්බස්වීම මරණයෙන් කෙලවර වෙයි

පුල්මුඩේ, කරයාපොලොව ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් දුරදිගයාමෙන් සිදුවූ පහරදීමකින් ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ පුල්මුඩේ, අර්පත් නගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුල්මුඩේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.