වර්තමානයේ රට තුළ දේශපාලන ජාතිවාදයක් පවතිනවා

වර්තමානයේ රට තුළ දේශපාලන ජාතිවාදයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ එය පරාජය කිරීම සඳහා ජාතිවාදයට එරෙහි ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව ඇති බවයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.