“මුලින්ම ලිංගිකව එක්වූ දවසේ ට්‍රම්ප් මට සල්ලි දෙන්න හැදුවා” – ලෝක බලවතාගේ කැරැට්ටුව එළියට

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන අමුතුම කතාවක් දැන් ආයෙමත් කරළියට ඇවිත්.
ඒ තමයි තමන් සමග මාස 10 ක කාලයක් පුරා ලිංගික සබඳතා පැවැත්වූ බවට ඇමරිකානු ප්ලේබෝයි නිරූපිකාවක් වන Karen McDougalරූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කිරීම.
එලෙස ලිංගිකව එක්වූ පළමු දවසේ ට්‍රම්ප් තමන්ට මුදල් දීමට උත්සහ කළ බවයි ඇය පවසා තිබෙන්නේ.
වැඩිදුරටත් ඇය පවසා තිබුණේ තමන් එවැනි කාන්තාවක් නොවන බව ට්‍රම්ට කියූ බවයි.
ට්‍රම්ප්ගේ වැඩිමල් දියණිය මෙන් තමන් සුන්දර බව අවස්ථා ගණනාවකදී ට්‍රම්ප් පැවසූ බවත් McDougal පවසා තිබෙනවා.
සෑම මසකම පස් වතාවක් පමණ ට්‍රම්ප් ඇයව මුණගැසී තිබෙනවා.
ට්‍රම්ප්ගේ බිරිඳ හැරුණුකොට ට්‍රම්ප් ආශ්‍රය කළේ තමන්ව පමණක් කියා සිතා සිටියත් ට්‍රම්ප් එලෙස කාන්තාවන් විශාල ප්‍රමණයක් සමඟ සබඳතා පවත්වා ඇතිබවයි හෙළිව තිබෙන්නේ.
ජනාධිපතිවරණයේදීද ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය භාවිත කළද ට්‍රම්ප් සමග පැවැත්වූ සබඳතාව ගැන දැන් ඇය කණගාටුවන බවයි පවසන්නේ.
මේ සියලු කරුණු ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරනවා.