Huawei Y7 Pro සහ Y9 ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නවතම නිෂ්පාදන ද්විත්වය වන Y7 Pro සහ Y9 මුල් වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. කොළඹදී පැවති මෙම හඳුන්වා දීමේ අවස්ථාවට Huawei හි ශ්‍රී ලංකා කළමනාකාරීත්වය, සිංගර් ශ්‍රී ලංකා කළමනාකාරීත්වය සහ දිවයින පුරා ව්‍යාප්ත වී ඇති ප්‍රමුඛ ඛෙදාහැරීම් නියෝජිතයෝද එක් වූහ

නවතම Huawei හි Y කාණ්ඩය යටතේ දැරිය හැකි මිලකට ඉහළ පහසුකම් සහිත උසස් තත්වයේ අත්දැකීමක් තිළිණ කරමින් මෙම ස්මාර්ට්ෆෝන් පෙළ හඳුන්වා දෙයි. උසස් තත්වයේ කැමරාව, සම්පූර්ණ පුළුල් තිරය, අමතර බැටරි ආයු කාලය, memory සහ ගබඩා කිරීමේ පහසුකම් සහිත මෙම ස්මාර්ට්ෆෝන් පෙළ අතර Y7 Pro සුවිශේෂි වන්නේ කැමරා ත්‍රිත්වයක් සහිත වෙළඳපළට එන එකම මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනය එය වීම නිසා ය. එමෙන්ම Y9 ස්මාර්ට්ෆෝනය, කැමරා හතරක් සහිත ප්‍රථම ස්මාර්ට්ෆෝනය වන අතර එය 4000mAh ක ධාරිතාවයකින් යුතු බැටරියකින් ද සමන්විත වෙයි.

මෙම අවස්ථාවට එක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා හි ප්‍රධානී පීටර් ලියු මහතා පෙන්වා දෙන්නේ තම සමාගමේ නවෝත්පාදන වල ප්‍රතිඵලයක් ලෙස විවිධ පරාස වල ස්මාර්ට්ෆෝන් වරින් වර හදුන්වා දෙන බවයි. මෙම හේතුව නිසා පාරිභෝගිකයින්ට සිය ජීවන විලාසිතාවට ගැළපෙන ආකාරයේ නියම ස්මාර්ට්ෆෝනයක් තෝරා ගැනීමට කදිම අවස්ථාවක් හිමි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මේ ආකාරයට Huawei හි Y කාණ්ඩය මෙරට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ස්මාර්ට්ෆෝන් කාණ්ඩයක් බව ද හෙතෙම පැවසීය. නවතම ස්මාර්ට්ෆෝන් ද්විත්වය ද Huaweiහි Y කාණ්ඩය යටතේ හදුන්වා දෙන අතර එය මෙරට තරුණ තරුණියන්ගේ ආවේණික වූ ජීවන රටාව උසස් කරවීමට හේතුවක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.