එළවළු තොඟ මිල පහලට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළයාම හේතුවෙන් එළවළු තොඟ මිල විශාල වශයෙන් පහල වැටී තිබේ.

මෙම තත්ත්වය තුළ සිය අස්වනු සඳහා හොඳ මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

විශේෂයෙන් වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා, වට්ටක්කා, රාබු, බීට්, මාළු මිරිස් ඇතුළු එළවළු වර්ග කිලෝවක තොඟ මිල රුපියල් 10 සිට 30ක් දක්වා වන බව ගොවීන් පෙන්වා දෙයි.

ඇතැම් ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු අලෙවි නොවීම හේතුවෙන් ඒවා ගොඩගසා ඇති ආකාරය දක්නට ලැබුණු බව වාර්තාවේ.