දකුණු අධිවේගයේ අතැර ගිය මෝටර් රථයේ හෙරොයින්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් එහි 6.9 R  ස්ථානයේ අතහැර ගොස් තිබියදී එම රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙරොයින් ග්‍රෑම් 56.1ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (10දා) සවස කඩුවෙල සිටි මාතර දෙසට මෝටර් රථය ගමන් කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථයේ ලියාපදිංචි අංකය යටතේ පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.