ඊෂී කෑෂ් ක්‍රමයට මත්කුඩු වික්ක අයෙකු අත්අඩංගුවට

ඊෂි කෑෂ් ක්‍රමයට මත් කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකුව හෙරෝයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 580 ක් සමඟ මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

24 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව අක්කර 10 ප්‍රදේශයේදීය.

මාරවිල – තල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට එක් දරුවෙකු සිටින බවත් බිරිඳ විදේශ ගත වී ඇති බවත් විමර්ශනවලදී හෙලිවී ඇත.

කොළඹ සිට හොර රහසේ හෙරෝයින් මත් කුඩු ගෙනවිත් විවිධ ස්ථානවල සිට අලවි කිරීම සැකකරු විසින් සිදු කර ඇති බවත්,ඔහු වැඩි වශයෙන් මත් කුඩු ජාවාරමේ නිරත වී ඇත්තේ ඊෂි කෑෂ් ක්‍රමයට බවත් විමර්ශනවලදී හෙලිවී ඇත.

සැකකරුද අධික ලෙස හෙරෝයින් මත් කුඩු සඳහා ඇබ්බැහි වී සිටින අයෙකු බව වැටලීම කළ නිලධාරීන් කියයි.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඊරියගොල්ල,පොලිස් කොස්තාපල්වරුන් වන 26277 අජිත්,46352 චන්ද්ර්සේන,69371 රණසිංහ යන නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.