රවීටත් ඇමතිකමක් ?

අද(12) සහ හෙට(13)යන දෙදින තුළ බොහෝ විට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් නව කැබිනට් මණ්ඩලය සඳහා යෝජිත අමාත්‍යවරුන් පත් කරමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ මැදිහත් වීම මත මේ මොහොත වන විට එම අමාත්‍යධූරයන් නම් කරමින් සිටින බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙවර අමාත්‍යාංශ ලබා දීමේ දී සියලුම විෂය පථයන් විද්‍යාත්මක පසුබිමක සිට නිරීක්ෂණය කර බෙදා දීමට කටයුතු කරන බව ද ඊයේ(11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පවතින අමාත්‍යයංශ බොහෝමයක් නොවෙනස්ව පවතින බවට දේශපාලන වේදිකාවේ විවිධ මත පළ වු නමුත් එහි යම් යම් වෙනස්කම් සිදුවන බවත්, නව අමාත්‍යවරු කිහිප දෙනෙකු දිවුරුම් දීමට සුදානමින් සිටින බවට වාර්තා වේ

කෙසේ වෙතත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහු මුදල් අමාත්‍යාංශය නැවත වතාවක් ඉල්ලා ඇති නමුත් සංචාරක සංවර්ධන අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ දෙකම හෝ ඉන් එක් අමාත්‍යාංශයක් ඔහුට ලබා දීමට ඉඩ ඇති බව ද වාර්තා වෙයි.