ජාතික ආණ්ඩුවේ ඉන්නවාද ? නැද්ද ? – තීරණය ජනපතිගේ විදෙස් සංචාරයෙන් පසු

ජනාධිපතිතුමා විදේශගත වී නැවත පැමිණීමෙන් පසු ජාතික ආණ්ඩුවේ ඉන්නවාද ? නැද්ද ? යන්න තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මඟින් ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස ප්‍රකාශ කළේය.