හෙරොයින් සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

පින්නවල නගරයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදී සැකකරුවන් අතඅඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30යි මිලිගෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අංගොඩ, පින්නවල සහ තිස්සමහාරාම යන ප්‍රදේශවල පදිංචි 25, 27 සහ 47 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.