යුද හමුදා ට්‍රක්රථයේ ගැටී අයකු මරුට දෙදෙනකු රෝහලට

මුන්දලම කරියන්කල්ලිය ප්‍රදේශයේ දී අද සවස සිදුවූ අනතුරින් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.

යාපනයේ සිට පනාගොඩ දක්වා ගමන් කරමින් තිබූ යුද හමුදා ට්‍රක් රථයක් හලාවත සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක ගැටි ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ යුධ හමුදා ට්‍රක් රථය කිසියම් හේතුවක් නිසා එහි රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රති විරුද්ධ දිශාවේ සිට ගමන් ගත් යතුරුපැදිකරු සහ ත්‍රි රෝද රථය අනතුරට ලක් කරමින් මාර්ගයේ අනෙක් දෙසට ඇදී ගොස් නැවති ඇති බවයි.