
වැලිගම, මූදුගමුව ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
කැපුම් තුවාල සහිතව මාර්ගයේ ඇදවැටී සිටි අදාළ තරුණයා අද අළුයම පොලිස් නිලධාරීන් විසින් වලාන රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ මූදුගමුව ප්රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා වැලිගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
