ගිනි අවි, බෝම්බ, කුඩු සමග අයෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බණ්ඩාරවත්ත දුම්රිය හරස් මාර්ගය ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැණුනා. ඔහු ළග තිබී හෙරොයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් හාරසිය පනහක් සොයාගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙහෙරගොඩ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ බිරිදගේ නිවසේ සගවා තිබියදී මෙරට නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව අත්බෝම්බය සොයාගෙන ඇත්තේ. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හික්කඩුව පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර පෑලියගොඩ පට්ටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. සැකකාරිය වයස අවුරුදු 22 ක් වන පට්ටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.