ව්‍යාජ මුදල් නෝට්ටු සමග තිදෙනෙකු දැලේ

ව්‍යාජ මුදල් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ධර්මපුරම් පොලිස් වසමේ පුදුන්කාඩු ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලීසිය පවසන්නේ.

ධර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. ඒ අනුව රුපියල් පන්සියයේ නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මුදල් සකස් කිරීම සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ද ඔවුන්ට නවාතැන් දුන් අයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.