නිමේෂ් ආරියරත්නගේ ‘ආදර කතාව අවසන්’ සඳහා ඉහළ ප්‍රතිචාර

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට එළිදක්වනු ලබන ගීත පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරති. යූටියුබ් ඔස්සේ දිනකට එළිදක්වන ගීත අතරේ ඇතැම් ගීත බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ එම ගීතයේ ඇති රසය හේතුවෙනි. එවැනි ගීතයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ කරයි. නවක ගායකයෙකු වුවත්, ඔහු විසින් එළිදක්වනු ලැබූ මෙම ගීතය මේ වනවිට යූටියුබ් ජාලයේ වැඩිම නැරඹුම් ප්‍රමාණයක් සඳහා හිමිකම් කියයි.

නිමේෂ් ආරියරත්නගේ නවතම ගීතය වන “ආදර කතාව අවසන්” ගීතය මේ වනවිට යූටියුබ් ජාලයට එක්කර තිබේ. ඔහුගේ දෙවැනි ගීතය වන මෙම ගීතය, පළමු ගීතය මෙන්ම ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. ‘ඉල්ලා සිටින්නේ’ නම් පළමු ගීතය ඉතාමත් ආදරණීය ගීතයක් විය. ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ නවකයෙකු වුවත් ඔහුගේ ගීත සඳහා බොහෝ දෙනා ඇලුම් කරනු ලැබූවේ එම ගීතවල ඇති අලංකරණය හේතුවෙනි. නවතම ගීතයක් වන “ආදර කතාව අවසන්” ගීතයද ජනප්‍රියත්වයට පත්වන්නේ එම ගීතයේ ඇති ආදරණීය බව නිසාවෙනි. යූටියුබ් ජාලය ඔස්සේ ජනප්‍රියත්වය මැනීමේ ක්‍රමය ලෙස ඇති නැරඹුම් සංඛ්‍යාවද මේ ගීතය ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව පවතී. ඔහු සංගීතයට නවකයෙකු වුවත්, ප්‍රවීණයෙකු වුවත් ඔවුන්ගේ ගීත ජනප්‍රියත්වයට හේතු වන්නේ එම ගීත රසවිඳින රසිකයන් හේතුවෙනි. ඒ කාරණාව හේතුවෙන් රසිකයන් වෙනුවෙන් සිදුකරනු ලබන ගුණාත්මක හෝ රසවිඳිය හැකි නිර්මාණ ඔවුන් වෙනුවෙන් ලබා දී ඔවුන්ගේ ආදරය, ප්‍රතිචාර විඳීමට හැකියාව ලබාදී තිබේ.

 

නිකුත් වූ දිනය – 2018 අප්‍රේල් 03

ගායනය – නිමේෂා ආරියරත්න

පද රචනය – නවීන් පෙරේරා

සංගීතය – ලියෝන් විජේසේකර

නැරඹූ සංඛ්‍යාව – 334,584+