වැරදි කරන මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයන්ට මහේලගෙන් සුපිරි දඩුවමක්..

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා.

මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාද වන වැනි කණ්ඩායමේ තුල සිදු කරන අතපසුවීම් සහ වැරදි සඳහා මහේල මේ දඬුවම නිර්මාණය කර තිබෙනවා.
මේ දඬුවම විදීමට සිදුවන ක්‍රීඩකයාට විශේෂිත ඇඳුමක් නිර්මාණය කර ඇති අතර කණ්ඩායම සමග සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඔහු එම ඇඳුම ඇදගෙන යා යුතු වනවා.

පළමු වරට මේ වරදට හසු වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සූරියකුමාර් යාදව්. වෙනත් ක්‍රීඩකයකු වරදක් සිදු කරන තෙක් එම ක්‍රීඩකයා මේ දඬුවම් ඇඳුමෙන් සැරසී සෑම ගමනක් සඳහාම එක්වීමට සිදුවන බවයි මහේල පවසන්නේ.

මේ දඬුවම පළමු වරට විදින සූරියකුමාර් යාදව් පවසන්නේ දඬුවම් ඇඳුම තමන්ට හොදටම ගැලපෙන බවයි.

Surya dons the MI Emoji kit

Surya seems to be enjoying his punishment! 😲Why not? Punishments are seldom this funny. 😆Don't miss out on this fun. Download #MIEmojis from our website 👉 http://bit.ly/EmojisWeb or the MI App 👉 http://bit.ly/MIAPPAndroid & http://bit.ly/MIAPPiOS#CricketMeriJaan

Gepostet von Mumbai Indians am Freitag, 20. April 2018