කැලණි ගඟට තවත් ජීවිතයක් බිලි වෙයි

ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිළී තරුණයෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවෙකු බව වාර්තා වෙයි.

ඊයේ උදෑසන තවත් පිරිසක් සමඟ කැලණි ගඟේ බෝට්ටු මත ජල ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ අනතුරකින් මොහු දියේ ගිළී මියගොස් තිබේ.

මෘත දේහයේ තලිගම රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදුකිරීමට නියමිතය.

ගිණිගත්හේන පොලීසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

මේ අතර ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදීම කැලණි ගඟේ දිය නෑමට ගිය රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා පසුගිය 17 වනදා දියේ ගිළීමෙන් මිය ගියේය.

31 හැවිරිදි එක්දරු මවක වන තුෂානි ද සිල්වා පදිංචිව සිටියේ, මහනුවර ප්‍රදේශයේයි.

පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් අතරතුර ඇය මෙම අනතුරට මුහුණ දී තිබුණි.