ලංකාවේ මියුසික් වීඩියෝ වලට නිරුවත් දර්ශන භාවිත කරන්නේ සිංදුව මාර්කට් කර ගැනීමට

දිමන්ක වෙල්ලාලගේ යනු වර්තමානයේ බොහෝ දෙනා ආදරය කරනු ලබන ගායකයෙකි. මේ වනවිට නිර්මාණය වී තිබෙන අඩනිරුවත් මියුසික් වීඩියෝ රැල්ල පිලිබඳව දරන්නේ මෙවැනි මතයකි.

“ලංකාවේ මියුසික් වීඩියෝ වලට නිරුවත් දර්ශන භාවිත කරන්නේ සිංදුව මාර්කට් කර ගැනීමේ පරමාර්ථයෙන් මිසක් කලාවට කරන ආදරයෙන් නෙවෙයි. ලෝක ප්රුසිද්ධ ගායකයෝ නිරුවත කියන දේවල් එම දර්ශන වලට කලාත්මකව යොදාගෙන තියෙන අවස්ථාවන් අපි ඕනතරම් දැකලා තියෙනවා. ලංකාවේ ගොඩක් වෙලාවට අඩු මානසිකත්වයක් තියෙන අය තමයි මේ හැඟීම් අවුස්සලා, තමන්ගේ යූටියුබ් චැනල් එකේ Views ටික වැඩි කරගන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ නැහැ ඒක ඇත්තටම ලොකු පැවැත්මක් තියෙන වැඩක් කියලා. මොකද අපි බටහිර රටක් නෙවෙයි. කොච්චර මොන දේ කිව්වත් අපේ රටේ තියෙන සංස්කෘතිය අපිට එකපාර වෙනස් කරන්න අමාරුයි. මිනිස්සුන්ගේ සිතුවිලි සෑහෙන්න කාලයක් ඇවිල්ලා ඇවිල්ලා තමයි එක තැනක නතර වෙන්නේ. අපේ රටකට ලිංගික දර්ශන සීමාවකින් තොරව යොදා ගැනීමෙන් වෙන්නේ එම කලාකරුවෝ සහ නිර්මාණකරුවෝ අපකීර්තියට පත්වෙන එක පමණයි.