ජනකරළිය නාට්‍ය කණ්ඩායමෙන් අළුත් නාට්‍ය දෙකක්

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නවතම නාට්‍ය නිෂ්පාදන ද්විත්වය වන ‘‘තිත්ත කහට’’ සහ ‘‘හිරු නැගෙනතුරු’’ මැයි මස 10 සහ 11 දෙදින සවස 6.30ට බොරැල්ල නාමෙල් මාලනී රඟහලේදී රංගගත වනවා.

රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශී‍්‍ර ලිවේරා, ඉනෝකා ලංකාපුර, රුවිනි ඩිලන්ති, ප‍්‍රනීත් ජීවන්ත, විජිත් හෙට්ටිගේ, පාලිත අබේලාල්, අමිල දිනේෂ් කුමාර, තිලිණි නිමේෂා සහ මදීරා උදීෂානි යන ජනකරළිය ශිල්පීහු මෙම නාට්‍ය ද්විත්වයට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වෙයි.

“හිරු නැගෙනතුරු” යනු ප‍්‍රවීණ නාට්‍යකරුවෙකු වන ආචාර්ය කුලන්දෙයි එම්.ෂන්මුගලිංගම්ගේ ‘‘එන්තයුම් තායුම්’’ නමැති නාට්‍යයේ සිංහල පරිවර්තනයක් වන අතර ඔහු පිළිබඳව ලියවුණු ලිපි මාලාවක් සහ ‘‘හිරු නැගෙනතුරු’’ යනුවෙන් පරිවර්තනය කරණ ලද ඔහුගේ ‘‘එන්තයුම් තායුම්’’ පිටපත ඇතුළත් සිංහල භාෂාවෙන් මුද්‍රණය කරණ ලද ග්‍රන්ථය නාට්‍යය ප්‍රදර්ශනයට සමගාමිව එළිදැක්වීමට කටයුතු සංවිධාන කර තිබීම විශේෂත්වයක්.