රොඩ්නිගේ “ත්‍රී ෆේස්”

රොඩ්නි වර්ණකුල කියන්නේ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය කියන ක්ෂේත්‍රයන් තුනම අතික්‍රමණය කළ ප්‍රවීණ කලාකරුවෙක්. රොඩ්නිව බොහෝ දෙනා දන්නේ රොඩ්නිගේ හාස්‍යයෝත්පාදක රංගනයන් නිසා. ඉතින් මේ අවුරුද්දට රොඩ්නිගේ කලා දිවියට වසර 35ක් පිරෙනවාලු. ඒ වෙනුවෙන් රොඩ්නි සජීවී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ ප්‍රසංගය තමයි “ත්‍රී ෆේස්” කියන්නේ. රොඩ්නි, කුමාර තිරිමාදුර සහ සමන් ලෙනින් මේ ප්‍රසංගයට සහභාගී වෙනවා. මැයි 18දා සවස 6.30ට බණ්ඩාරනායක සමරු රඟහලේදී මෙම ප්‍රසංගය පැවැත්වෙනවා.