ප්‍රංශයේ පැරිස් නුවර පිහි ඇනුම් ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තවාදීන් භාරගනී

ප්‍රංශයේ පැරිස් නුවර පිහි ඇනුම් ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්තවාදීන් භාර ගෙන තිබෙනවා.ප්‍රංශයේ පැරිස් නුවර මධ්‍යම ප්‍රදේශයේදී පිහි ඇනුම සිදු වූ අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ප්‍රංශ වාර්තා සදහන් කරනවා. සැකකරු අන්තවාදී ආගමික පාඨ කියමින් පිහි ඇනුම සිදු කළ බවයි ඇසින් දුටුවන් පවසන්නේ. අනතුරුව ඔහු වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ප්‍රංශ ජාතිකයෙක්ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.