බුරුන්ඩි රාජ්‍යයේ ප්‍රහාරයකින් 26 ක් මරුට

බුරුන්ඩි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් විසි හය දෙනෙකු ජීවිතක්ෂට පත්ව තිබෙනවා.අවි ආයුධවලින් සන්නද්ධව පැමිණි පිරිසක් ගම්මානයට කඩාවැදී නිවාස හා දේපල ගිනි තබා එහි සිටි පුද්ගලයින්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර පිහි ඇනුම් කිහිපයක්ද සිදු කර ඇති බව සදහන්. බුරුන්ඩි රාජ්‍යයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාරත්වය සමග මෙවැනි ක්‍රියා සිදු වන බවයි වාර්තා වන්නේ. බුරුන්ඩි ජනාධිපතිවරයා දෙදහස් තිස් හතර වන තුරු බලයේ රැදී සිටීම සදහා එළඹෙන සතියේදී ජන මත විචාරණයක් පැවැත්වීමටද නියමිතයි. ඔහුට සහාය ලබා දෙන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.