ජෙරුසලමේ ගැටුම් උග්‍ර වී 55ක් මරුට – 2700 තුවාල

(UPDATE) ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට එරෙහි ගාසා තීරයේ ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වෙමින් මරණ සංඛ්‍යාව 55 දක්වා වැඩිවී, තුවාල වූ පිරිස 2,700ක් බවට පත්වෙයි.


ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලය ජෙරුසලමේදී විවෘත කිරීමත් සමග ඇති වූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 43 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 2,200ක් පමණ තුවාල ලබා තිබේ.

මෙය 2014 වසරින් පසුව ගාසා තීරයේ ඇති වූ අතිශය දරුණුතම ගැටුම් තත්ත්වය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව ඊශ්‍රායල් අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන යාමට තීරණය කරනු ලැබුවේ පසුගිය වසරේදීය.

කෙසේ වෙතත්, මෙම යෝජනාවට ලොව පුරා දැවැන්ත විරෝධතාවක් ඇති වූ අතර, බොහෝ බටහිර රාජ්‍යයන් පවා එම තීරණය අනුමත නොකළේය.

පලස්තීනුවන් පවසන්නේ සමස්ත ජෙරුසලම සිය අණසකට ගැනීමේ ඊශ්‍රායල් තීරණයට අනුබල දීමක් මේ සමග ඇමෙරිකාව සිදුකර ඇති බවය.

කෙසේ වෙතත්, මේ තරම් දරුණු තත්ත්වයක් ඇති වුවද මෙම තානාපති කාර්යාලය විවෘත කිරීම වීඩියෝ පණිවුඩයක් මගින් මහත් ඉහළින් අගය කර ඇත්තේ මෙය වසර ගණනාවක් බලා සිටි අවස්ථාවක් සඵල වීමක් ලෙසය.

1_Jerusalm 2