මොණරාගල ට්‍රැක්ටරය සමග 6 ක් සැඩපහරේ ගිහිං

මොණරාගල – සියඹලාණ්ඩුව ප්‍රදේශයට ඊයේ(14) සවස ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබිණි.

මෙලෙස මාර්ග යට වී තිබියේදී සියඹලාණ්ඩුව – මරිආරාව මාර්ගයේ හැඩ ඔය ආසන්නයේ දී ට්‍රැක්ටර් රථයකින් පුද්ගලයන් හය දෙනකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් එක වරම සැඩ පහරකට හසු වී ට්‍රැක්ටර් රථයද සමඟ ගසාගෙන ගොස් ඇත.

එහිදී පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර එක් පුද්ගලයකු අතුරුදන් වී තිබේ.

මෙසේ අතුරුදන් වී කොබෝවත්ත – බදුල්ල ලිපිනයේ පදිංචි “කන්නා“ නැමති වයස අවුරුදු තිස් පහක පුද්ගලයකු බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයන් ප්‍රදේශයේ කුලී වැඩ සඳහා පැමිණ ඇති අතර එම වැඩ නිමවී නැවත යමින් සිටියේ දී මෙම සිද්ධියට මුහුණ දී ඇත.මෙම අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.