මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කෙරේ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඇයට මෙසේ ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ.

වොෂිංටනයේ පිහිටි වෝලටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී එම ශල්‍යකර්මය සිදුකර ඇති බව සඳහන්. ශල්‍යකර්මය සාර්ථකව නිම කළ බවයි මෙලනියා ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ. සතියක පමණ කාලයකින් රෝගි තත්ත්වය යථා තත්ත්වයට පත්වනු ඇති බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.