ඉන්දුනීසියාවට ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේ සුරබයාහි පිහිටි දේවස්ථානයකට සහ පොලිස් මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා.

එම ප්‍රහාරයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූ 11 දෙනෙකුගේ නම් සහ පදිංචි ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේ පොලිස් මූලස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිදුකර ඇත්තේ ද අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් බවයි හෙලිවී තිබෙන්නේ. පොලිස් ස්ථානයේ මුරපොල ඉදිරිපිට යතුරුපැදි දෙකකින් පැමිණි පිරිස බෝම්බය සිදුකළා. ප්‍රහාරයෙන් නිලධාරීන් හතර දෙනෙකු සහ සිවිල් වැසියන් 6 දෙනෙකු තුවාල ලැබුවා.