රැකියා ඉල්ලා උපාධිධාරීන් රට පුරා විරෝධතා

පොරොන්දු වූ පරිදි වහාම උපාධිදාරීන්ට රැකියා ලබා දෙන්නැයි ඉල්ලමින් අද (16) පෙරවරුවේ දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සිදු කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමය නිවේදනය කරයි.

රාජ්‍ය අංශයේ පුරප්පාඩු 60000 කට වඩා තිබිය දී, උපාධිදාරීන් විරැකියා පෝලිමේ තබා ඇති බවත්, මෙම ගැටළුවට විසදුම් ඉල්ලමින් පසුගිය 08 දා කොළඹ දී සිදුකල විරෝධතාවේදී අදාළ ගැටළුවට පිළිතුරු නොදී පොලීසිය විසින් පහරදීම තරයේ හෙළා දකින බවත්, එම සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් සදහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි සියළුම රැකියා විරහිත උපාධිධාරීන් දිස්ත්‍රික් කාර්යාල ඉදිරිපිට විරෝධතා දැක්වීමට නියමිතව ඇත.