දුර්ලභ ඝනයේ නිල් දියමන්තියක් ඇමෙරිකා ඩොලර් මිලියන 6.7 කට අලෙවි වෙයි

ජිනීවා හි පැවති වෙන්දේසියක දී දුර්ලභ ඝනයේ නිල් දියමන්තියක් ඇමෙරිකා ඩොලර් මිලියන 6.7 කට අලෙවි වී තිබෙනවා.

මෙම නිල් දියමන්තිය වසර 300 ක් යුරෝපා රටවල රාජකීයයන්ට අයත්ව තිබුණා. 1715 වසරේ දී පර්මා හි ආදිපාදිවරයෙකුගේ දියණියක වූ එළිසබෙත් ෆර්නීස්ගේ විවාහය සඳහා මෙම දියමන්තිය ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම නිල් දියමන්තිය පරම්පරා 7 ක් පුරා හුවමාරු වුණා. ස්පාඤ්ඤයේ සිට ප්‍රංශයටත්, ඉතාලියේ සිට ඔස්ට්‍රියාවටත් එය හුවමාරු වී තිබෙනවා. මෙම නිල් දියමන්තිය හමුවී තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගොල්කොණ්ඩා පතලෙනුයි. කෙසේ වෙතත් මෙම නිල් දියමන්තියේ අයිතිකරු පිළිබඳ තොරතුරු හෙළිකර නැහැ.