A-9 අනතුරින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

“ඒ – නවය” මාර්ගයේ තිරප්පනේ ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු මියගොස් තිබේ.

වෑන් රථයක් පදික මාරුව මතින් ගමන් කළ සිවිල් ආරක්ෂක භටයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ තිරප්පනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ 45 හැවිරිදි අයෙකි.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.