කේතුමනී රැජින වෙන්න හදන රූ රැජින

මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන තවත් අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැ. 2012 දී ශ්‍රී ලංකා විවාහක රූ රැුජින කිරුළ දිනූ ඇය ඉන් පසුව ආසියානු විවාහක රූ රැුජින කිරුළත් දිනා ගත්තා. ඉන් පසුව ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩා ජනප‍්‍රිය වුණේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටි නිසයි. මේ වන විට වෙළඳ දැන්වීම් 40 කට එහා සංඛ්‍යාවකට පෙනී සිටි ඇය ඉන් පසුව ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක ලෙසත් රූපවාහිනී නිවේදිකාවක ලෙසත් පේ‍්‍රක්ෂකයින් අතරට පැමිණෙන්නීය.

2018-05-19-ent-90

”ටක් ගාලා ඇක්ටිව්”

”ඊසියි ලේසියි”

 

ඒ ඇය මේ දිනවල පෙනී සිටින දැන්වීම් කීපයකට අයත් දෙබස්ය. මේ විදියට කලාවට පැමිණ කටයුතු කරමින් සිටින ශ්‍රී මාලි පසුගියදා තවත් රූ රැුජින කිරුළකට හිමිකම් කීවාය. මේ කතා බහ ඇය සමග ඒ වෙනුවෙනි.

 

ශ්‍රීමාලි මේ ලැබූ කිරුළ ගැන විස්තර කිව්වොත් ?

2012 දී ශ්‍රී ලංකා විවාහක රූ රැුජින වූ පසු ආසියානු විවාහක රූ රැුජින කිරුළත් මට හිමිකර ගන්න පුළුවන් වුණා. ඉන් පසුව ලෝක කිරුළක් දිනා ගැනීමේ ලොකු සිහිනයක් මට තිබුණා. ඒ සිහිනය පසුගියදා සැබෑ වුණා. මේ අවස්ථාව මට ලැබුණේ බොස්ටන්හි බොස්ටන් ලංකා නියමුවා වන චිත‍්‍රාල් ඩි මෙල් මහතා නිසයි. සම්භාව්‍ය අන්තර්ජාතික විවාහක ලෝක රූ රැුජින තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ඔහු.

ශ්‍රී ලංකා සහ ආසියානු කිරුළ දිනා සිටි නිසා මේ තරගය නියෝජනයට සුදුසුම කෙනා මා කියලා ඔහු කිව්වා. නමුත් මීට පෙර මම ඇමරිකාවට ගිහින් තිබුණේ නැහැ. ඒ හැරත් ඒ තරම් දුර ගමණක් තනිමව යන්නේ කොහොමද කියන බයකුත් තිබුණා. ඒ නිසා මම අදි මදි කළා. නමුත් චිත‍්‍රාල් මහතාගේ දිරිගැන්වීම් නිසා මීට සහභාගී වුණා. අවසානයේදී අදි මදි කරමින් ගිය මට සම්භාව්‍ය අන්තර්ජාතික විවාහක ලෝක රූ රැුජින තරගයෙන් ජය ලබන්න පුළුවන් වුණා.

 

රටවල් කීයක රූ රැුජිණියන් වීමට දායක වුණාද?

රටවල් 30 ක පමණ රූ රැුජිණන් මීට සහභාගී වුණා. මෙය පැවැත්වුණේ මියා මහි ෆ්ලෝරිඩා වල.

 

දැන් මේ නිසා ඔබට ලැබී ඇති අවස්ථා මොනවාද?

ලොකුම දේ රට නියෝජනය කරමින් ජයග‍්‍රහණයක් ගෙන දීමට හැකි වීමයි.

 

මේ වගේ ඉසව්වලට දායක වීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ?

රූ රැජින තරග නියෝජනයට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මුලින් ඒ වෙනුවෙන් මාව දිරිමත් කළේ ජෙරල් සොලමන්. ඊට පසු වාසනා දන්තනාරායන. අන්තිමට මගේ සිහිනයක්ව තිබූ මෙම ලෝක කිරුළ සඳහා මට අවස්ථාව ලබා දුන්නේ චිත‍්‍රාල් මහතා. දැන් මේ ලද කිරුළ නිසා පෙරටත් වඩා සමාජ සත්කාරක සේවා කටයුතුවල යෙදීමේ අවස්ථාව මට ලැබී තිබෙනවා. කොහොමටත් මීට පෙර සිටම සමාජ සත්කාර කයටුතුවල යෙදුණා. ඈත ගම් දනව්වල රෝද පුටුවක්වත් නැතුව අපහසුතා එක්ක ජීවත් වන අපේ රණවිරුවන් සිටිනවා. කවුරු කොහොම නැහැ කිව්වත් ඒක තමයි තත්ත්වය. ඉතින් ඒ වගේ ආබාධිත වූ රණවිරුවන් සොයාගෙන ගොස් හැකි පමණින් උදව් කිරීම අරමුණයි.

 

ශ්‍රීමාලි කොහොමද මේ දිනවල ඔබගේ රංගන කටුයතු එහෙම ?

මේ දිනවල දෙරණ වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන සක්විති රාවණා නිර්මාණයෙහි රූගත කිරීම්වලට දායක වෙනවා. එහි මීට පෙර නොලැබුණු ඉතා හොඳ චරිතයක් ලැබී තිබෙනවා. ”කේතුමතී” රැුජින යන චරිතය මම රඟපාන්නේ.

 

මේ ඔබගේ කී වැනි චරිතයද?

දැනට ටෙලි නාට්‍ය අටකට විතර දායකවෙලා තියෙනවා. මුලින්ම රඟපැවේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ඉස්සරහාට යන්න ටෙලි නාට්‍යයේයි. එහි ජගත් චමිල සහ ගිහාන් ප‍්‍රනාන්දු රඟපෑවා. මගේ චරිතය සුලෝචනා.

 

අද වන විට ඔබගෙ ප‍්‍රධාන වෘත්තිය.

මම ක්ෂේත‍්‍රයට ආවේ මනාලියන් සඳහා විලාසිතා නිර්මාණය කරන ශිල්පණියක සහ රූපලාවන්‍ය ශිල්පිණියක ලෙසයි. ඒ ව්‍යාපාරය තමයි මගේ ප‍්‍රධාන වෘත්තිය. ඒ සියල්ල අතරේ තමයි අනෙකුත් කලා කටයුතුවල නියැළෙන්නේ. හැබැයි ලැබෙන සෑම දෙයක්ම බාර ගන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි කරන්නේ. මොකද මගේ කරන රූපලාවන්‍ය ව්‍යාපාරය තමයි ප‍්‍රධාන දේ.

 

රූ රැජින තරග කියන ඉසව් ගැන අද නිතර අහන්න දකින්න ලැබෙනවා. මේ සියල්ලම ප‍්‍රමිතියක් ඇතිව කෙරෙන සහ පවත්වන තරග කියලා ඔබ හිතනවාද?

ඇත්තම කිව්වොත් ලංකාවේ පැවැත්වෙන බොහෝ ඒවායෙහි ප‍්‍රමිතියක් නැහැ. සල්ලි දීලා මේ කිරුළ අරගෙන ඇති වැඩක් නැහැ. නමුත් ඒ වගේ පැවැත්වෙන තරග අපේ රටේ සිටින බුද්ධිමත් පේ‍්‍රක්ෂකයා පිළි ගන්නෙත් නැහැ. අපේ රටේ මිනිස්සු ඇත්තටම බුද්ධිමත්. මේ නිසා බිස්නස් එකක් කරගෙන පැවැත්වෙන ඒවා වැඩි කල් පවතින්නේ නැහැ. හොඳ දෙයක් හරි විදියට කලාම අපට හොඳ ඇගැයීම් ලැබෙනවා. මට මේ කිරුළ දිනා එද්දී ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමාගෙන් ඇගැයීමට සහ ප‍්‍රසංසාවට ලක් වුණා. අපි කරන සමාජ සත්කාරක සේවා සඳහා අපට එතුමා තවත් ශක්තියක් වුණා. ඒ ගැන ඇත්තටම සතුටුයි.