ප්‍රදේශ කිහිපයක කාන්තාවන් 2 ක් ඇතුළු පුද්ගලයින් 3 ක් ඝාතනය කරලා

දිවයිනේ ප්‍රදේශ තුනකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ.

දවුලගල, හලාදිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඝාතනය සිදුකළ සැකකරු දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල, නාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 62 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර නාගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි

මේ අතර මුලතිව්, වට්ටුවාකල් මාර්ගයේ ලඳු කැලෑවක් තුළ තිබී ගෙල කපා ඝානය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ උතුරු මුලතිව්, කල්ලපාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකු බවට අනාවරණය වී ඇති අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.